මුල් ප්රභවය
ආඝාතය සඳහා ඵලදායි ප්‍රතිකාර මගින් දිඟුකාලීන ආබාධිත තත්ත්ව සහ ජීවිත බේරා ගැනීම කල හැකිය. කුමන හේතුවක් මත ආඝාතය ඇතිවී ඇතිද යන්න මත නිශ්චිත ප්‍රතිකාර නිර්දේශ කරනු ලැබේ:
සමහර අයට ශල්‍යකර්ම ද අවශ්‍ය වුවද, ප්‍රතිකාර කිරීම සාමාන්‍යයෙන් එක් ඖෂධයක් හෝ විවිධ ඖෂධ ගණනක් ලබා ගැනීමයි. ප්‍රධාන ආඝාත වර්ග දෙක සඳහා වූ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම පහත සඳහන් වේ.
ඔබට ඉස්කීමික්ආඝාතය වැළඳී ඇති නම්, මෙම තත්වයට ප්‍රතිකාර කිරීම සහ මෙම තත්වය නැවත ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් ඖෂධ වර්ග එකතුවක් නිර්දේශ කෙරේ. සමහර මෙම ඖෂධ ක්ෂණිකව ලබා ගත යුතු අතර කෙටි කාලයක් සඳහා පමණි. අනෙක් ඖෂධ ආඝාතයට ප්‍රතිකාර කල පසුව හා දිගුකාලීනව ලබා ගත යුතුවේ. රුධිරය කැටි ගැසීම දිය කිරීම - ඉස්කීමික්ආඝාතය සඳහා ප්‍රතිකාර ලෙස, රුධිරය කැටි දිය කිරීම සහ නැවත රුධිරය මොලයට වහනය වීම සකස් කිරීම සිදුකරනු ලබන ඇල්ටප්ලේස් (Alteplase) යනුවෙන් හැඳින්වෙන ඖෂධය එන්නතක් මාර්ගයෙන් භාවිත කරයි. මෙම භාවිතය "කැටියක්-බිඳීමේ" ඖෂධ ත්‍රොම්බෝලයිසිස් (Thrombolysis) ලෙස හැඳින්වේ. ආඝාතය ඇති වූ විගසම ආරම්භ කලේ නම් මෙම ඇල්ටප්ලේස් ඖෂධය ඉතා ඵලදායි වේ. මෙම කාල වේලාවෙන් පසු භාවිතා කිරීම කෙසේ ප්‍රයෝජනවත් වේද යන්න පැහැදිලි නැති නිසා ආඝාතයක් ඇතිවී පැය 4.5 කට පසුව සාමාන්‍යයෙන් මෙම ඖෂධය නිර්දේශ නොකරයි. ඇල්ටප්ලේස් භාවිතා කිරීමට ප්‍රථම වැළඳී ඇත්තේ ඉස්කීමික්ආඝාතය බවට ස්ථිර කිරීම සඳහා මොලයේ ස්කෑන් සිදුකිරීම ඉතා වැදගත් වේ. එසේ කිරීමට හේතුව වන්නේ ඔබට වැළඳී ඇත්තේ හෙමරොජික්ආඝාතය නම් එම නිසා ඇතිවන රුධිර වහනය මෙම ඖෂධ මගින් වඩාත් නරක අතට පත්විය හැකි නිසාය. ත්‍රොම්බැක්ටොමි (Thrombectomy) බරපතල ඉස්කීමික්ආඝාතය වල සුළු ප්‍රතිශතයක් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ත්‍රොම්බැක්ටොමි නමින් හඳුන්වන හදිසි ක්‍රියාපටිපාටියක් භාවිතා කෙරේ. මෙමගින් රුධිර කැටි අයින් කර, නැවත රුධිරය මොලයට වහනය වීම සකස් කරනු ලැබේ. මොලයේ විශාල ධමනිය රුධිර කැටියකින් අවහිර වීම නිසා ඇතිවන ඉස්කීමික්ආඝාතය සඳහා පමණක් ත්‍රොම්බැක්ටොමි ඵලදායි වේ. ආඝාතය ඇති වූ විගසම ආරම්භ කලේ නම් මෙය ඉතා ඵලදායි වේ. බොහෝ විට ඉකිලිය තුලින් ධමනියක් තුලට කැතීටරයක් ඇතුළු කිරීම මෙම ක්‍රියාපටිපාටියට ඇතුලත් වේ. මොලයේ ධමනිය තුලට එම කැතීටරය තුලින් කුඩා උපාංගයක් ගමන් කරවනු ලැබේ. ඊට පසු මෙම උපාංගය මගින් හෝ චුෂණය මගින් රුධිර කැටි ඉවත් කිරීම කරනු ලැබේ. හිරිවැට්ටිම මගින් හෝ සාමාන්‍ය නිර්වින්දනය යටතේ මෙම ක්‍රියාපටිපාටිය සිදු කල හැකිය. ප්‍රතිපට්ටිකා (Antiplatelets)- බොහෝ පුද්ගලයින්ට අස්පිරින් නිසි මාත්‍රාවක් ලබා දෙනු ලැබේ. වේදනා නාශකයක් මෙන්ම අස්පිරින් ප්‍රතිපට්ටිකා වශයෙන්ද ක්‍රියා කරයි. එමගින් තවත් රුධිරය කැටියක් සෑදීමේ අවස්ථාව අඩු කරයි. ඇස්පිරින් වලට අමතරව ක්ලොපිඩොග්‍රෙල් (Clopidogrel) සහ ඩයිපිරිඩමෝල් (Dipyridamole) වැනි ප්‍රතිපට්ටිකා ඖෂධ වර්ගද ලබාගත හැක. රුධිරය කැටි ගැසීම වලක්වන ඖෂධ (ඇන්ටිකෝගුලන්ට්) (anticoagulants) ඉදිරියේදී තවදුරටත් රුධිර කැටි ඇතිවීමේ අවධානම අඩු කිරීම සඳහා සමහර පුද්ගලයින්ට රුධිරය කැටි ගැසීම වලක්වන ඖෂධ දෙනු ලැබිය හැක,. ඇන්ටිකෝගුලන්ට් මගින් රුධිරයේ රසායනික සංයුතිය වෙනස් කිරීම මගින් රුධිර කැටි ඇතිවීම වලක්වයි. වෝෆරින් (Warfarin), ඇපික්සබන් (Apixaban), ඩෙබිගැට්‍රන් (Dabigatran), ඉඩෝක්සබෑන් (Edoxaban) සහ රිවරොක්සබෑන් (Rivaroxaban) යනු දීර්ඝකාලීන වශයෙන් භාවිතා කල හැකි රුධිරය කැටිගැසීම වලක්වන ඖෂධ වේ. රුධිරය කැටි ගැසීම වලක්වන ඖෂධ වර්ග රාශියක් ඇති අතර හෙපරින් (Heparin) ලෙස හැඳින්වෙන ඖෂධය පමණක් එන්නතක් ලෙස කෙටි කාලීනව භාවිතා කෙරේ. රුධිරය කැටි ගැසීම වලක්වන ඖෂධ ඔබට දෙනු ලැබේ ඔබ:
ඇන්ටිහයිපර්ටෙන්සිව් (Antihypertensives) - ඔබගේ රුධිර පීඩනය ඉතා ඉහල නම්, එය අඩු කර ගැනීම සඳහා ඔබට ඖෂධ දෙනු ලැබේ. v. බහුලව භාවිතා වන ඖෂධ අතරට:
ස්ටැටින් (Statin)- ඔබගේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම ඉතා ඉහල නම් ඔබට ස්ටැටින් ලෙස හැඳින්වෙන ඖෂධය ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ. කොලෙස්ටරෝල් නිපදවන අක්මාවේ ඇති රසායනික ද්‍රව්‍යයක් (එන්සයිම) අවහිර කිරීම මගින් ඔබගේ ශරීරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම ස්ටැටින් මගින් අඩු කරනු ලැබේ. ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම කුමක් වුවද විශේෂයෙන් ඉහල මට්ටමක නොතිබුණද ඔබට ආඝාතයක් ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා ඔබට ස්ටැටින් ඖෂධය දෙනු ලැබේ. කැරොටිඩ් එන්ඩාටොරෙක්ටොමි (Carotid endarterectomy) - මොලයට රුධිරය ගෙනයන බෙල්ලේ ඇති ධමනිය කැරොටිඩ් ආර්ටරි ලෙස හැඳින්වේ. මෙම ධමනිය පටුවීම හේතුවෙන් සමහර ඉස්කීමික් ආඝාතය ඇතිවිය හැක. ප්ලැක්ස් සෑදීම හේතුවෙන් පටුවීම කැරොටිඩ් ස්ටේනොසිස් (Carotid stenosis) ලෙස හැඳින්වේ. කැරොටිඩ් ස්ටේනොසිස් විශේෂයෙන් බරපතල නම් ධමනි වල අවහිරතාවය ඉවත් කිරීම සඳහා ශල්‍යකර්ම සිදු කල හැකිය. කැරොටිඩ් එන්ඩාටොරෙක්ටොමි යනුවෙන් හැඳින්වෙන ශල්‍ය තාක්ෂණය භාවිතයෙන් මෙය සිදුකරනු ලැබේ. ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔබගේ ගෙලෙහි කැපුමක් සිදු කර ඔබගේ කැරොටිඩ් ධමනිය විවෘත කර මේද තැන්පතු ඉවත් කිරීම සිදු කිරීම මෙයට ඇතුලත් වේ.
ඉස්කීමික් ආඝාතය වලදී මෙන්ම හෙමරොජික් ආඝාතය වැළඳී ඇති සමහර පුද්ගලයින්ට ද ඔවුන්ගේ රුධිර පීඩනය අඩු කර ගැනීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි ආඝාත තත්ව වලක්වා ගැනීම සඳහා ඖෂධ වර්ග දෙනු ලැබේ. ආඝාතය වැළඳීමට පෙර ඔබ රුධිර කැටි ගැසීමේ ඖෂධ ලබා ගත්තේනම්, ඖෂධයේ ක්‍රියාකාරිත්වය ආපසු හැරවීමට සහ තවදුරටත් රුධිරය වහනය වීමේ අවධානම අඩු කිරීමටත් ඔබට ප්‍රතිකාර අවශ්‍ය විය හැක. ශල්‍යකර්ම - මොලයෙන් රුධිරය ඉවත් කිරීම සඳහා සහ පිපිරුණ රුධිර නාල ඇත්නම් ඒවා අලුත්වැඩියා කිරීම සඳහා කලාතුරකින් හදිසි සැත්කම් කිරීම අවශ්‍ය විය හැක. ක්‍රනියෝටොමි (Craniotomy) යනුවෙන් හැඳින්වෙන ශල්‍ය ක්‍රියා පටිපාටියක් භාවිතයෙන් මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලැබේ. මෙම ක්‍රනියෝටොමි සිදු කරන අතරතුරදී ශල්‍ය වෛද්‍යවරයාට රුධිර වහනය ඇතිවීමට හේතුවට ප්‍රවේශ වීම සඳහා හිස් කබලේ කොටසක් කපා ඉවත් කිරීමට සිදුවේ. ශල්‍ය වෛද්‍යවරයා විසින් හානියට පත්වූ ඕනෑම රුධිර වාහිනි අලුත්වැඩියා කිරීම සහ මොලයට රුධිරය පරිවහනය සිමා කරවන රුධිර කැටි නොමැති බවටත් තහවුරු කර ගත හැක. රුධිර වහනය නැවතුන පසු, හිස්කබලෙන් ඉවත් කරන ලද ඇට කැබැල්ල බොහෝ විට කෘතිම ලෝහ තහඩුවකින් ප්‍රතිස්ථාපනය කරයි. හයිඩ්‍රෝසෙපලස් සඳහා ශල්‍යකර්ම - හයිඩ්‍රෝසෙපලස් යනුවෙන් හඳුන්වන හෙමරොජික් ආඝාතය වල සංකුලතා සඳහා ප්‍රතිකාර කිරීම සඳහාද ශල්‍ය කර්ම සිදු කල හැකිය. අඝාතයේ ප්‍රතිඵලයක් ලෙස මෂ්තිෂ්ක තරලය මොලයේ කුහර වල තැන්පත් වීමට පටන් ගැනේ.එහි රෝගලක්ෂණ ලෙස හිසරදය,වමනය,කරකැවිල්ල,සමබරතාව නැතිවීම,නිදිමත සහ අසනීප ගතිය ඇතිවේ. හයිඩ්‍රෝසෙපලස් සඳහා ශල්‍යකර්මයක් මගින් ප්‍රතිකාර කල හැකි අතර කෘත්‍රීම නලයක් මොලය තුලට යැවීමෙන් මොලයේ ඇති තරලය නිසි ලෙස එලියට ඒමට ඉඩ සලසයි.
ඉහත සඳහන් කරන ලද ප්‍රතිකාර මෙන්ම, ආඝාතයක් ඇති වීම නිසා සමහර පුද්ගලයන්ට ඇතිවිය හැකි සමහර ගැටළු කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලින ප්‍රතිකාරද අවශ්‍ය විය හැක. උදාහරණයක් ලෙස, ඔබට අවශ්‍ය විය හැකිය: